Colombo Today Local News

පිස්සන් ටිකකට බලය යයි සිතා ජේ.ආර් කරපු වැඩක්

අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්‍යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය එක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට හෝ අහෝසි කිරීමට අනපනත් අතීතයට බලපාන පරිදි ගෙන ආ නොහැකි බව ඔහු කියා සිටියි.

හිටපු ජනාධිපතිලාගේ වැටුප් ඉහල නැංවිය හැකි වුවද අඩු කිරීමට එම වගන්තිය අනුව කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ජනතාව කුල්මත් කිරීමට ව්‍යවස්ථාව නොකියූ හරක් මෙවැනි කතා කීවද අවශ්‍ය නම් පනතක් ගෙනැවිත් වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහ මැතිවරණ වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලය

colombotoday

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

වෙල්ගමත් ජනපති සටනට, ඇප තැන්පත් කිරීම හෙට !

colombotoday

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday

ඉන්දු – පාකිස්ථාන විරසකය කලාපීය දේශපාලන ස්ථාවරයට ප්‍රබල බලපෑමක් – දයාන් ජයතිලක

colombotoday

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday