Colombo Today Local News

පොල් හිඟය තව මාස තුනක්

රට තුල ඇති පොල් හිඟය තවත් මාස තුනක කාලයක් පවතිනු ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පොල් වගාවට නිසි ලෙස පොහොර හා රසායනික වර්ග නොයෙදීම, සුදු මැස්සාගේ හානිය, අපනයනය සඳහා වියළි පොල් නිෂ්පාදනය ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

අද වනවිට පොල් ඵලදාව සියයට 50 කින් පමණ අඩුවී ඇති බවත් වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වන අතර ඉන් සියයට 60ත් 70ත් අතර ප්‍රතිශතයක් දේශීය පාරිභෝජනය සඳහා යොදා ගන්නා බව ද සභාපතිවරයා තව දුරටත් පැවසීය.

මේ අතර පොල් වෙලදුන් පවසන්නේ එළඹෙන දිපවාලි උත්සව සමයේ පොල් මිල තවදුරටත් ඉහල යනු ඇති බවයි.

Related posts

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

අද ඩොලරයේ මිල

colombotoday

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin