Colombo Today Local News

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජාතික ජනබලවේගයේ තරුණ සංවිධාන හමුවක මාධ්‍ය ආවරණය සඳහා ඇරයුම් ලැබ එහි ගිය ලංකාදීප පුවත්පතේ හක්මන ප්‍රාදේශීය මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහරදීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සළකා දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ඔක්තොම්බර් 20 වැනි දින පහරදීමට ගොදුරු වූ මාධ්‍යවේදී යසන්ත ආරියසේන ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර පරීක්ෂාව සඳහා අද 21 දින තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලීසියට පැමිණිලි කර ඇති මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතා පවසන්නේ, රැස්වීම අවසන් වූ පසුව ජාතික ජන බලවේගයේ තරුණ සංවිධාන නියෝජිතයෙකු යැයි හඳුන්වා දුන් පුද්ගලයෙකු ලංකාදීප පුවත්පතෙහි පළ වූ පුවතක් සම්බන්ධයෙන් විමසා තමන්ට පහර දුන් බවයි.

මාධ්‍යවේදීන්ට සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති පසුබිමක මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ප්‍රජාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරනුයේ යුක්තියයි.

එවැනි අවස්ථාවක සිදු ව ඇති මේ පහරදීම ජනමාධ්‍ය සමාජය අපේක්ෂා කරනු ලබන සැබෑ යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලියක විශ්වාසනීය බවට තර්ජනයකැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

කිසියම් මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වී නම් ගත යුතු නිසි පියවර තිබියදී මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද බරපතල සැක සංකා මතු වේ.

එවිට, සුපිළිපන් හා විනයගරුක දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරමින් නව රජය පිහිටුවන්නට කටයුතු කළ පුරවැසි සිහින බිඳ වැටෙයි.

එබැවින් වහාම මැදිහත් වී මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට යුක්තිය ඉටු කරමින් සිදුවීමට වගකිව යුතු සිය දේශපාලන නියෝජිතයා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටියි.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Related posts

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

“අපි ගම්මන්පිලගේ රෙදි ගලවනවා… ඥාණසාර හිමි ආරක්ෂා කරන්නේ ඔහුයි“ – ජා.හෙ.උ.

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin