Colombo Today Local News

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

තම කඳවුරේ කිහිපදෙනකුගේ ද සහාය මත තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයක් තිබූ බව සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක චමින්ද විජේසිරි මහතා පවසයි.

මහියංගණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

“පාර්ලිමේන්තුවෙන් එළියට බැස තමන් හොරකම්, වංචා කළේ නැහැ කියලා ඔප්පු කර පෙන්වන්න දෙසිය විසි පහෙන් එකෙකුට පුළුවන් වුණා නම් පුළුවන් වුණේ චමින්ද විජේසිරිට පමණයි. ඉතිහාසයේ පළමු වතාවට එහෙම දෙයක් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ අපි හරියට අවංකව මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු නිසයි. එහෙම නැත්නම් මේ වගේ තීරණයක් ගන්න බැහැ.

පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණීමේ කතාවේ තව නොකී කතාවකුත් තිබෙනවා. මම පාර්ලිමේන්තුවෙන් එළියට බහින අවස්ථා වන විට දේශපාලනිකව අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සහ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු වෙමින් තිබුණා. ඒ සඳහා අපේ පිලේ අපේ කඳවුරේ අය කිහිපදෙනෙකුගේ සහයත් ලැබෙමින් තිබූ බව කනගාටුවෙන් වුණත් කියන්න ඕනා. පාර්ලිමේන්තු නිලධාරියකුට සහාය වීමට අපේ කිහිප දෙනෙක් කටයුතු කරමින් තිබුණා. සමහරු ඒ සඳහා විකෘති සාක්ෂි සපයමින් උදවු උපකාර කළා.

කවුරුහරි අපට වංචා දූෂණ චෝදනා කරනවා නම් මම ඔවුන්ට කියන්නේ කරුණාකර අපට එරෙහිව පැමිණිලි කර අධිකරණය හමුවට යන ලෙසයි. එහෙම නැතුව චෝදනා කර කර ඉන්න එකේ පලක් නැහැ. අපට චෝදනා කරන ඇතැමුන්ට අද ආණ්ඩු බලය තිබෙනවා. ඔවුන්ට තව දුරටත් අපට විරුද්ධව චෝදනා කරන්න බැහැ. මොකද ඔවුන් සතුව තමයි අද ආණ්ඩු බලය සහ පොලිසිය තිබෙන්නේ.

බොරුවට චෝදනා නොකර දැන්වත් අපට විරුද්ධව කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්. මෙච්චර කාලයක් පෙන්නපු ෆයිල්වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. ජනාධිපතිතුමා දැන් කියනවා ඔවුන් ළඟ ෆයිල් 400ක් තියෙනවා කියලා. දැන් බලය තියෙන්නේ ඔවුන් අතේ. ෆයිල් ගැන කියව කියව ඉන්නේ නැතුව දැන් පුළුවන් ඒවාට විරුද්ධව කටයුතු කරන්න.”

Related posts

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

colombotoday

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් ආනයනයට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන

colombotoday

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday