ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට වසරක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුවත් නොකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා අතර වෙයි.
ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංගනය කළ බව ඔහු විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇත.