ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්දන මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.
විෂය භාර අමාත්‍ය විජිත හෙරත් මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංගම සභාපතිවරයා ලෙස සිරිවර්ධන මහතා කටයුතු කර ඇත.
1994 වර්ෂයේදී ශ්‍රීමනි ඇතුලත්මුදල ඇමතිවරිය යටතේ හා 2015 නිමල් සිරිපාලද සිල්වා ප්‍රවාහන ඇමති යටතේ ලංගම සභාපති ලෙස කටයුතු කලේ ඔහුය.
2006 හා 2007 වසර වලදීද ලංගම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස හෙතෙම කටයුතු කර ඇත.