Colombo Today Local News

දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ (05) දිනයේ පියවර ගත්තා

ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් තිබේ.

මෙම ඉවත්කිරීමත් සමඟම දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු සියලුමදෙනාම ආණ්ඩුවෙන් ඉවත්කිරීමට තීරණයක් ගෙන ඇති අතර මින් ඉදිරියට රජයේ කිසිඳු වැඩසටහනකට ඔවුන්ව සහභාගී කරවා නොගැනීමට රජය තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

රජයෙන් ඉවත්කළ දැඩි රාජපක්ෂවාදී මන්ත්‍රී කණ්ඩායම පහත පරිදී වේ.

  1. මහින්ද රාජපක්ෂ
  2. චමල් රාජපක්ෂ
  3. නාමල් රාජපක්ෂ
  4. ශෂින්ද්‍ර රාජපක්ෂ
  5. සාගර කාරියවසම්
  6. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  7. ජයන්ත කැටගොඩ
  8. සංජීව එදිරිමාන්න
  9. රංජිත් බණ්ඩාර
  10. ඩබ්. ඩී. වීරසිංහ
  11. යූ. කේ. සුමිත්
  12. තිස්ස කුට්ටිආරච්චි
  13. නිපුන රණවක
  14. ඩී. වී චානක
  15. ඉන්දික අනුරුද්ධ
  16. ප්‍රසන්න රණවීර
  17. ඉසුරු දොඩංගොඩ
  18. ගාමිණී ලොකුගේ
  19. මර්ජාන් ෆලීල්
  20. සිරිපාල ගම්ලත්
  21. සරත් වීරසේකර
  22. තේනුක විදානගමගේ
  23. සමන්ප්‍රිය හේරත්
  24. මංජු ලලිත් වර්ණ කුමාර
  25. නාලක කෝට්ටේගොඩ
  26. මොහාන් සිල්වා
  27. සී.බී. රත්නායක

ඉන්න බැරි සේරම යන්න : ජනපති දැඩි තීන්දුවක…

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය .

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය නොදක්වන දක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබාගෙන සිටීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවත් ඔවුන් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවයි .

එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මේ පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ .

එසේම තවත් රාජ්‍ය මාත්යවරුන් කිහිප දෙනෙකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇති අතර ඒ ජනාධිපතිවරණය තීරණාත්මක අදියරකට පැමිණ ඇති මොහොතේ ආණ්ඩුවේ කියා වැනෙමින් නොසිට තීන්දුවක් ගන්නා ලෙසයි . මෙම දැනුම්දීම අනුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තමන්ව ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.

Related posts

මුස්ලිම් දේශපාලන නායෝකයෝ ඉතා සතුටු මුහුණින් ආදාහනයට එරෙහි විරෝධතාවයක. Photos

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday