Colombo Today Local News

ණය කන්ද ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන ආරංචිය

විදේශ ණය ලබා ගැනීමේ ප්‍රධාන ම මාර්ගය වී තිබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යූහ ගත කිරීම කාල රාමුවක් පුරෝකතනය කළ නොහැකි අන්දමට කල් ගත වන බව හෙළි වී ඇත.

එම ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමට ශ්‍රී ලංකා රයට ඉදිරිපත් කර තිබූ සැලසුම ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර වෙනත් වාර්තාවලින් හෙළිවන්නේ රාජ්‍ය තාන්ත්‍රික තලයේදී ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම පිළිබඳව ඇති කර ගන්නා ලද ගිවිසුම් ද ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක තිබෙන බව ය.

ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17 ඉක්මවා තිබේ. එයින් ඩොලර් බිලියන 12.5කට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ 2015 – 2019 කාලයේදී රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ය.

Related posts

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

Admin

අසේල සම්පත් පැහැරගෙන නෑ. – සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක්

colombotoday

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

මෙන්න! අලුත්ම අබිරහස; “කොටි 70 කගේ නම් ඇතුළත් දුටුතැන අල්ලනු” ඉන්ටර්පෝල් ලැයිස්‌තුව අහෝසි කළේ කවුද?

colombotoday

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday