Colombo Today Local News

බන්දුලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඇමති බන්දුලගේ බලපෑමට නීතියට පටහැනිව ඉදිකිරීම් සමාගමකට ගෙවීමට ගිය රුපියල් මිලියන 150ක මුදලක් ගෙවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි.


මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ මඟ නැගුම ඉදිකිරීම් සමාගම මගින් 2K නමැති ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව පැවති මුදල් ගෙවා අවසන් කර තිබියදී එකී සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යංශයේ ලේකම්වරයා රංජිත් රූබසිංහ විසින් මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම බලපෑම් සිදු කර තිබේ. මෙම තත්ත්වය පිළිබඳ මඟ නැගුම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර, නීතියට අනුකූල නොවන මෙම ගෙවීම අනුමත නොකරන ලෙස කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයද මෙම ගෙවීම සිදු නොකිරීමට තීරණයක් ගෙන ඇත. මෙකී සිදුවීම් ද පාදක කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාල ධූරයෙන් ඉවත් කර පසුව වැඩ බලන සභාපති ධුරයට පත් හිටපු ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂක මණ්ඩලයද විසුරුවා හරින ලදී.


මෙලෙස මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කරගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ (09/24) දිනයේ එම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මීළඟ නඩු දිනය දක්වා (2025/03/22)එකී ගෙවීම් සිදු කිරීම අත්හිටුවන ලෙස සහ පෙර පැවති තත්ත්වයන් වෙනස් නොකර අදාළ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කරන ලදි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදී.

Related posts

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ජනපති සැරසේ

colombotoday

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday

නඩු විභාගය සදහා දිගු කාලයක් ගතවෙලා නඩු භාන්ඩ විනාශ වීම සලකලයි මේ තීරනය ගයත්තෙ -අමාත්‍ය විජේදාස රාජපක්ෂ

Admin

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin

රට වෙනුවෙන් කොටියාට වම් ඇස දුන් රණවිරුවාගේ දකුණු ඇසටත් කදුළුගෑස් ප්‍රහාරයෙන් හානි

colombotoday