Colombo Today Local News

අලුත්ම බුද්ධි අංශ වාර්තාව සජිත් අතට ඇවිල්ලා

අලුත්ම බුද්ධි අංශ වාර්තා අනුව තමන් වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් පමණ ජය ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මොණරාගල පැවති එම පක්ෂයේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘බුද්ධි අංශ වාර්තා අනුව අපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.මගේ කකුලෙන් අදින දේශපාලන රනිල් අනුර ජෝඩුව හොඳටම පහළින් ඉන්නේ.උතුම් දළදා වහන්සේට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජාකරලා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භකළා.එසේ කරපු පළවෙනි පාලකයා සජිත් ප්‍රේමදාසයි.ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතිපත්ති අපි දිවිහිමියෙන් සුරකිනවා.

අපගේ ජයග්‍රහණය ස්ථිරයි.එම ජයග්‍රහණය සාමයයෙන් භුක්ති විඳින්න ඕන.හිංසනය,ප්‍රචණ්ඩත්වය එපා. ඒවා සමඟි ජන බලවේගයේ ප්‍රතිපත්ති නෙවෙයි.රට ගොඩනඟන ඊළඟ පියවරටත් මුළු රටම සූදානම් වෙන්න.විරුද්ධ මත දරන කිසිම කෙනෙකුට හානි කරන්න එපා.ඒ අයවත් රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට එක්කාසු කරගන්නවා.අපි ආගමික නිදහස රකිනවා’

Related posts

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි

Admin

සැබෑ හොරු ආණ්ඩුවට එකතු කරගෙන, දේශපාලන වාසි ගන්න අපිව ඇදන් එනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday