අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහු සමඟ එක්ව වැඩ කිරීමට සිය පක්ෂය සූදානම් බව, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.
ජාතික ජන බලවේගය සමග එකට වැඩ කළ හැකි කලාප කිහිපයක් තිබෙන බව පවසන මන්ත්‍රීවරයා දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලිය ඉන් එකක් බව අවධාරණය කරයි.
ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිදු වූ දැවැන්ත සීනි බදු වංචාවට එරෙහිව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති විසින් පවරා තිබෙන නඩුවේ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බවද මන්ත්‍රීවරයා පවසයි.