Colombo Today Local News

මාව පරද්දන්න කුමණ්ත්‍රනයක්

රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කිරුළපන ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළේ, තම ජයග්‍රහණය වළක්වාලීමට විරුද්ධ පාර්ශව කුමන්ත්‍රණ සිදුකළ ද ඉන් ඵලක් නොවන බවය.

“අද ඒ දේශපාලන ජෝඩුවගේ එකම අරමුණ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වළක්වාලන්නට ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා. කරන්න පුළුවන් හැම කුමන්ත්‍රණයක්ම කරනවා. හැබැයි ඒ දෙපොළම මතක තියාගන්න රාජපක්ෂලා හිටපු කැබිනෙට්ටුවල සාමාජිකයෝ. දෙන්නම හිටියා රාජපක්ෂ මහත්තරු එක්ක එකට වාඩි වෙලා කැබිනෙට් එකේ. මතක තියා ගන්න කිසිම දවසක රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන් කඩේ නොගිය පුද්ගලයෙක් මේ සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය. අපි කවදාවත් රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන්. ඒ නිසා මතක තියා ගන්න 21 වෙනිදාට තමුන්නාන්සේලාගේ වටිනා කතිරය උපයෝගි කරගෙන රටේ ජනතාවට ප්‍රගතිශීලි හැරවුම් ලක්ෂයකට ඔබ සියලුදෙනා මුලපුරන්න.” යනුවෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍ර්කාශ කර සිටියේය.

Related posts

“ජාත්‍යන්තරය හමුවේ මේ ආණ්ඩුව රට පාවා දුන්නා.. දැන් ඒ පඹගාලෙන් බේරෙන්න බැරිව දඟලනවා” දිනේෂ් ගුණවර්ධන

colombotoday

මැතිවරණ කොමිසමෙන් ජනපතිට, අගමැතිට විශේෂ දැනුම්දීමක්…

colombotoday

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

colombotoday

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday