සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් ජයග්‍රහණය කර ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා පැවසිය.
මනෝ ගනේෂන් මහතා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි අදහස් දැක් වු මනෝ ගනේෂන් මහතා කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුළුවන් නම් සිලින්ඩරය රැගෙනවිත් නාවලපිටිය නගරයේ ව්‍යාපාරයක් කරන ලෙසට තමන් අභියෝග කරන බවයි.