Colombo Today Local News

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් බිලියන15 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

ඒ අනුව මෙරට සාගර කලාපය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ වැටලීම් මගින් රුපියල් බිලියන 15.86 කට අධික වටිනාකමකින් යුත් අදාළ මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සදහන් කරයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,268ක් සමග සැකකරුවන් 141 දෙනෙකු හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 7,095 ක් සමග සැකකරුවන් 193 දෙනෙකු පසුගිය වසර තුළදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 158 ක් සමග සැකකරුවන් 98 දෙනෙකු ද, ගංජා කිලෝග්‍රෑම් 69 ක් සමග සැකකරුවන් 27 දෙනෙකු ද, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88ක් සමග සැකකරුවන් 09 දෙනෙකු ද , පසුගිය වර්ෂයේදී අත්අඩංගුවට ගත් බව තව දුරටත් සදහන් කර සිටි.

Related posts

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

Admin

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

ජනපති පුත් දහමට විරුද්ධ මඩ මෙහෙයුම දියත් කලේ එජාපයදැයි සොයන්න CID යොදවයි

colombotoday