World

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දෙකක් එල්ලවීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන් බව සුන්නි ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ අමාක් ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

එය වසර තුනක් තිස්සේ බැග්ඩෑඩ්හි සිදු වූ විශාලතම මරාගෙන මැරෙන ප්‍රහාරයයි.

වරෙක නැගෙනහිර ඉරාකයේ සිට බටහිර සිරියාව දක්වා වර්ග කිලෝමීටර් 88,000 (වර්ග සැතපුම් 34,000) ක භූමි ප්‍රදේශයක් පාලනය කළ අතර මිලියන අටකට ආසන්න ජනතාවකට ඔවුන්ගේ කුරිරු පාලනයට මුහුණ දීමට සිදුව තිබේ.

ISIS යුධ පිටියේදී පරාජයට පත් වුවද, පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ ඉරාකයේ සහ සිරියාවේ ISIS සටන්කරුවන් 10,000 කට වැඩි පිරිසක් ක්‍රියාකාරීව සිටින බවයි.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් පහත් මට්ටමේ කැරැල්ලක් දිගටම කරගෙන යන බවත් වාර්තා කරයි.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

2018 ප‍්‍රහාරය පාර්ලිමේන්තු මැතිවරණයට මාස කිහිපයකට පෙර සිදු වූ අතර ඉරාකය මේ වසර අගදී තවත් මහ මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

ජපානයේ ප්‍රබල නායයෑමකින් 20ක් අතුරුදන්

colombotoday

පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයි

Admin