Colombo Today Local News

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තවත් කාන්තාවෝ 15ක් මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් බව හෙළිවෙයි

මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා තමන් ඇතුළු කාන්තාවන් පහළොස් දෙනකු සහරාන් හෂීම් ඉදිරියේ ප්‍රතිඥා දුන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකාරියක් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ඇත.

මොහමඩ් ඉබ්‍රාහිම් ෂහිඩා ( 24) නමැති සැකකාරිය මාවනැල්ල, හිඟුල ප්‍රදේශයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉකුත් 19 වැනිදා අත්අඩංගුවට ගෙන කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළිවී තිබේ.

මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා දිවුරුම් දුන් (බයියත්) කණ්ඩායමේ සිටි පහළොස් දෙනාගෙන් මෙරටදී අත්අඩංගුවට ගැනීමට සිටි අවසන් සාමාජිකාව ඉබ්‍රාහිම් ෂහිඩාය.

ඇය සමග පුහුණුව ලද පස්දෙනකු සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ නිවසක් තුළ 2019 අප්‍රේල් 26 වැනිදා මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගොස් ඇත. එම ප්‍රහාරයෙන් ඉන්දියාවට පැන ගත් බව කියන පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ෂහිඩා සමග දිවුරුම ලබාදුන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. තවත් හයදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

2018 දී සහරාන් හෂීම් කාත්තන්කුඩි පවත්වාගෙන ගිය අන්තවාදී දේශන සහිත පන්තිවලට සහභාගි වීමට ෂහිඩාගේ කණ්ඩායමට කාන්තාවන් 15 දෙනකු එක්වී ඇති අතර ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් බවට වන දිවුරුම අවසන් දිනයේ ලබාගත් බවත් හෙළිවී ඇත.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකරයි.

Related posts

නාවලපිටියේදී පාස්ටර් ජෙරම් ගුටි නොකා නූලෙන් බේරෙයි

Admin

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin