Colombo Today Local News

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත විශාල තොගයක් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

මෙම තොරතුරු මකා දැමීම මෙරට ක‍්‍රියාත්මක වන ඖෂධ මාෆියාවේ කුමන්ත‍්‍රණයක කොටසක් විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වනු ලැබ තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව කළමනාකරණය කරන්නේ එපික් ලංකා නමැති පරිගණක ආයතනයයි. මෙම දත්ත ගබඩාවට ප‍්‍රවේශවීමේ මුරපද එපික් ලංකා සමාගම සතුව ඇති අතර ඒවා මකා දැමීමේ හැකියාව ද එම සමාගමට ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දන්වා ඇති පරිදි දත්ත මකා දැමීම සිදු කරන්නට ඉඩ ඇත්තේ එම ආයතනයේ සේවකයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනටමත් එපික් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් කටඋත්තර ලබාගෙන ඇත. මේ අතර ශ‍්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ඉක්ටා ආයතනය) මෙම තොරතුරු නැවත මතුකර ගැනීමේ කර්තව්‍යයේ නිරතව සිටී. මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ද සහයෝගය ලැබේ. සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක තරීන්ද්‍ර කල්පගේ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

“අපි වෙනුවෙන් අපේ එවුනුත් නැහැ” ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් මහින්ද සළකුණ නිවී යන ලකුණු

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday