Colombo Today Local News

රැකියා දස ලක්ෂයක් පෙන්වා, ඇමති දයා ගල්ඔයේ මහ ඉඩම් කොල්ලයක

daya33වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්ඔය නිම්නයේ හෙක්ටයාර් 107 ක භූමියක් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා තමාට ලබා දෙන්නැයි ඉල්ලමින් ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අම්පාර දිසා වන නිලධාරිවරයාට ලිපියක් යවා ඇත.

අංක MP/AMP/79 යටතේ 2016.08.28 දාතමින් දිසා වන නිලධාරිවරයා අමතන ලද ලිපියේ දැක්වෙන්නේ රැකියා දශ ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා කෘෂි අධි කලාපයකට සහ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලට මෙම හෙක්ටයාර් 107 නිදහස් කර දෙන ලෙසයි.

උහන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයට අයත් උදයපුර කන්ද උඩ පාර වම්පස පිහිටි හෙක්ටයාර් 107 ක භූමිය ගල්ඔය සංවර්ධන මණ්ඩලය මඟින් ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේ දී ජනපදයක් ලෙස ජනතාව පදිංචි කරවූවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා භූමියේ පැවති ගල් සහිත නිසරුභාවය නිසා ජනතාව එම භූමියෙන් ඉවත් වී ඇති බව ද පෙන්වා දී ඇත.

පසුකාලීනව ජනතාව අත්හල මෙකී බිම් කොටස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන වගාවක් සඳහා යොදාගෙන තිබූ බවත් අනතුරුව එය ද අසාර්ථක වූ බවත් ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා දිසා වන නිලධාරියාට යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

නිලධාරීන් නොමඟ යවා, බියගැන්වීමක් :

දයා ගමගේ ඇමැතිවරයා විසින් ලිපියේ මුල් භාගයේ දී වන රක්ෂිතයේ නිසරු බව පෙන්වා දී ඉන්පසුව එම භූමිය කෘෂි අධිකලාපයක් ඇති කිරීම සඳහා ඉල්ලා සිටීම විහිළුසහගත වන අතර රජයේ නිලධාරීන් නොමඟ යවා සහ අනියමින් බියගන්වා ඉඩම් කොල්ලයකට සූදානම් වන බව මෙකී ලිපියෙන් පැහැදිලි වේ.

දිසා වන නිලධාරියාට යවන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ භූමිය ඉහත සඳහන් අවශ්‍යතාව සඳහා ප‍්‍රමුඛත්වය දී උහන ප‍්‍රාදේශීය ලේකම්වරියට නිදහස් කර දීමට දිසා වන නිලධාරියාගේ නිර්දේශය කඩිනමින් වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි.

යෝජිත ව්‍යාපෘතිය සඳහා මෙම වර්ෂයට වෙන්වන මුදල් මෙම වසර තුළ ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි වුවහොත් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා 2020 වන විට රැකියා දශ ලක්ෂයක් ඇති කිරීමේ නිශ්චිත ඉලක්ක ළඟාකර ගැනීමට නොහැකි වීමේ අවදානම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද දිසා වන නිලධාරියාට නියෝග කර ඇත.

මෙකී අනියම් තර්ජනය කිරීම මඟින් පෙනී යන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර් 107 ක් ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා තමා සතුකර ගැනීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයයි.

ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කල නිවේදනය පහත පළවේ.

(සත්හඬ)

Related posts

ජනපති ගෝඨාභයට රට පාලනය කරන්න ඉඩ දී මහින්ද දැන් විශ්‍රාම ගත යුතුයි – රතන හිමි

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

හවුලේ අවුල දරුණු වෙයි.. සාම කොඩිය වනාගෙන චන්ද්‍රිකා එංගලන්තයේ සිට එයි !

colombotoday

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

colombotoday

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday