කොටි ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්රභාකරන් සම්බන්ධයෙන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද තොරතුරු සෙවීමේ කාර්යාලයට පැමිණිලි කිරීමට ද්‍රවිඩ සන්ධානයේ උතුරු පළාත්සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් සූදානම් වනවා.
ඊට පෙර ඒ සම්බන්ධයෙන් වේළුපිල්ලේගේ ඥාතීන් සමග වැඩිදුරටත් සාකච්ඡා කරන බවයි මන්ත්‍රීවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ.
කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට තවම මරණ සහතිකයක් නිකුත් වී නොමැති බවත් ඔහුගේ බවට ප්‍රකාශ වූ මළ සිරුරෙහි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් තවමත් සිදුකර නොමැති නිසා ප්රභාකරන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වන බවද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.