Colombo Today Local News

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

rosi senanayake

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩී. දොඩංගොඩ මහතාට පෙරේදා (24) දරුණු පහරදීමක් සිදු කළ ඉසිර අසේල දිසානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක කාලයකට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු, දිනේෂ්ට පහරදීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී – රෝසි සේනානායක මහත්මියගේ සහය ඇතිව කළුබෝවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට තරම් අසනීප තත්ත්වයක් නොවීම හේතුවෙන් ඔහුව රෝහලෙන් මුදා හැරීමෙන් පසුව පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෙසේවුද, සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඔහුව බන්ධනාගාර රෝහලට රැගෙනයන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

srilankamirror.com

Related posts

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

colombotoday

“සමස්ත ජාතියම මහා තිගැස්මකට ලක්වෙලා” – හිටපු ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මැයි මසදී මෙරටට

colombotoday