Colombo Today Local News

යළි වැසි වැඩි වන ලකුණු

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි වේ.

Related posts

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

ජනාධිපතිවරණය දිනන හැටි ගැන චම්පිකගෙන් ගණිතමය විග්‍රහයක්

colombotoday

කල්මුනේ වෙඩි හුවමාරුව අවසන්… මරාගෙන මැරෙන යැයි සැක කෙරෙන පිපිරීම් තුනක්…

colombotoday

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස අළු කරයි

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday