Colombo Today Local News

ජනපතිගේ නියෝගයක් මුදල් ඇමති කුණු කූඩයට දමයි !

mithre - ravi

පෞද්ගලිකව වාහන ආනයනය කළ පනස්‌දෙනකුට (50) බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස්‌ දී තිබියදීත් මුදල් ඇමැති රවි කරුණානායක ඊට නිසි ප්‍රතිචාර නොදක්‌වන බවට වාහන ගෙන්වූ පිරිසක්‌ චෝදනා කරති.
ආණ්‌ඩුව කළ බදු වැඩිකිරීම් නිසා පෞද්ගලිකවම මෙරටට වාහන ගෙන්වූ තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් බදු වැඩිවීම නිසා අමතරව තවත් රුපියල් ලක්‌ෂ 35 ක්‌ – 40 ක්‌ ගෙවා රේගුවෙන් තම වාහන නිදහස්‌ කර ගැනීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් අගතියට පත්වූවන්ගේ එකමුතුවේ සභාපති සුජීව පෙරේරා කියයි.

මෙරටට වාහනයක්‌ ගෙන ඒමට සියලුම බදු මුදල් ගෙවා තිබියදී ආණ්‌ඩුව හදිසියේම වාහන සඳහා බදු වැඩිකිරීම නිසා එම වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක මුදලක්‌ බදු වශයෙන් ගෙවීමට සිදුවන බවත් එම මුදල ගෙවා ගත නොහැකිව මේ වන විට තම වාහන වෙන්දේසි කිරීමට පියවර ගන්නා බව දන්වා ඇති බවත් ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

තමන්ට සිදුවූ මෙම අසාධාරණය පිළිබඳව ජනාධිපතිවරයාට දැන්වූ අතර මේ සඳහා සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයාට නියෝග කළද එම නියෝගය පිළිගැනීම තබා ඇමැතිවරයා මේ පිළිබඳව සාකච්ඡාවක්‌ හෝ ලබා නොදුන් බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය මහජන මුදල් කොල්ලකෑමක්‌ බවත් තමන් ගෙන්වූ වාහන තමන්ට ලබා නොදී ඒවා නැවත ප්‍රතිඅපනයනය කරන ලෙස මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරන බවත් පැවසූ සුජීව පෙරේරා වාහන මුදා ගැනීමට තමනට තවත් ලක්‌ෂ 15 ක්‌ පමණ අවශ්‍ය වන බවද පැවසීය.

ඉතා දුක්‌ මහන්සියෙන් මුදල් උපයා වාහනයට මුදල් මෙන්ම බදුත් ගෙවා තිබියදී හදිසි බදු වැඩි කිරීම නිසා තමන් පත්ව සිටින අසරණ භාවයට පිළියමක්‌ ලබාදෙන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවද සුජීව පෙරේරා වැඩිදුරටත් කියා සිටී.

Related posts

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday