යුද්ධයෙන් පසුව උතුරු නැගනහිර බෞද්ධ වෙහෙර විහාර, බුද්ධ ප්‍රතිමා ගොඩ නැගීමට යුද හමුදාව කටයුතු කිරීම වරදක් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
කිහිපවරක් මම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ පිලිබදව කතා කළා යනුවෙන් සදහන් කල ඒ මහතා බෞද්ධ වෙහෙර විහාර නඩත්තු කිරීමට අවශ්‍ය තරම් උතුරු නැගනහිර බෞද්ධයන් නොමැතිබවත් සදහන් කර සිටියා.
කෙසේ වෙතත් ලංකාවේ වැඩිම පුරාවිද්‍යා නටබුන් පවතින්නේ උතුරු සහ නැගනහිර පළාත්වල වන අතර බොහොමයක් බෞද්ධ පුරාවස්තු එම පළාත්වල ක්‍රියාත්මකවන අන්තවාදී කල්ලි විසින් විනාශකර දමා අවසන්.