Colombo Today Local News

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

thondaman

හැටන් කොටගල නගරයේ ප්‍රධාන හින්දු කෝවිලක ප්‍රධාන පුජකවරයෙකුට එරෙහිව දිඹුල පොලිසිය වෙත ලැබි තිබු පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණෙන ලෙස දිඹුල පොලිසිය මගින් එම පුජකවරයාට අවස්ථා දෙකකදි දැනුමි දිම සමිබන්ධයෙන් උරණ වු ලංකා කමිකරු කොංග්‍රසයේ මහා ලේකමි හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගමි තොන්ඩමන් මහතා එම පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා ආධාරකරුවන් කිහිපදෙනෙකු සමග ඊයේ (20.08) පස්වරුෙවි දිඹුල පොලිසියට ගොස් එහි නිළධාරින්ට දොෂාරෝපනය කර තිඛෙනවා.

තොන්ඩමන් මහතා දිඹුල පොලිසියේ ප්‍රධාන ගේටිටුව වෙත ගොස් පළාත් සභා මන්ති්‍රවරුන් පොලිස් ස්ථානය වෙත යවා පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණෙන ලෙස දැනුමිදි තිඛෙනවා. දිඹුල පොලිසියේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සාකචිජාවකට සහභාගි වි සිටි නිසා පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත තලවාකැලේ පොලිසියේ උප පොලිස් පරික‍ෂකවරයෙකු වහාම දිඹුල පොලිසිය වෙත යොමුකර තිඛෙනවා.

ඉකුත් (08.08) වැනිදා දමිළ ප්‍රගතිශිලි සන්ධානය විසින් කොටගල නගරයේ කෝවිල අසල සවිකර තිබු විශාල පක්ෂ ප්‍රවර්ධන පුවරුවක් කපා විනාශ කිරිම සමිබන්ධයෙන් එම හින්දු කෝවිලේ පුජකවරයාට එරෙහිවද පැමිණිල්ලක් දිඹුල පොලිසිය වෙත ලැබි තිබුණා. තොන්ඩමන් මහතා පොලිස් නිළධාරින්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔිනෑම ජාතියක පුජකවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් ලද විගස එය විභාග කිරිම සදහා එම පුජකවරුන්ට පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලිම සදාචාර නොවන බවයි.

රටේ අගමැතිවරයාට එරෙහිව හෝ පභුවරයෙකුට එරෙහිව පැමිණීල්ලක් ලද හොත් ඔහුන් පොලිසිය වෙත කැදවා ප්‍රකාශ සටහන් කර ගන්නේද යන්න තොන්ඩමන් මහතා පොලිස් නිළධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියා. සිදුවු වරද සමිබන්ධයෙන් තොන්ඩමන් මහතාගෙන් සමාව ලබා ගත් දිඹුල පොලිසියේ නිළධාරින් එම පුජකවරයා වෙතට ගොස් පැමිණිල්ල සමිබන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව තොන්ඩමන් මහතා එම ස්ථානයෙන් නික්ම ගොස් තිඛෙනවා. එම පුජකවරයා විසින් තමන්ව පොලිසිය වෙත කැදවා ඇති බව තොන්ඩමන් මහතා වෙත දැනුමි දිමෙන් අනතුරුවයි තොන්ඩමන් මහතා දිඹුල පොලිසිය වෙත ගොස් ඇත්තේ.

හැටන් රංජිත් රාජපක‍ෂ – Lakbima

Related posts

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

colombotoday

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජිත සටනට.. කොළඹදී මහ විරෝධයක් !

colombotoday