Colombo Today Local News

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, 43 හැවිරිදි කල්දෙමුල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

චීනෙන් එක්දින ධීවර ය්‍රාත්‍රා වලට නොමිලේ භූමිතෙල්

Admin

ඉන්ටපෝල් වරෙන්තුවකින් වැඩක් නැතිවෙයි.. අර්ජුන් මහෙන්ද්‍රන් මෙරටට ගෙන්වන සූත්තරේ මෙන්න

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

Admin