Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි

baduurdeen 012

මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, වවුනියා මන්නාරම ප්‍රධාන මාර්ගයේ සිට මුරුග්ගන් මාර්ගයේ (B 299) සිලාවතුර දෙසට ගමන් කරන විට හමුවන ආනිමරිප්පු වැවේ පෝෂක ප්‍රදේශය වන මාවිල්ලු රක්ෂිතය අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ මුලිකත්වයෙන් ඩෝසර් 4ක් යොදාගන 05-08-02016 දින වනවිටත් හෙළි කරමින් පවතී. විශාල ශාක ප්‍රමාණයක් මේ වනවිටත් බිම හෙලා ඇත.

මීට වසර කිහිපයකට ඉහතදී රාජපක්ෂ පාලන සමයේදී මෙම ප්‍රදේශයයේ ගම්මාන 4ක් ( අගටිමරිප්පු, වෙප්පම්කුලම්, පොට්කේනි,පිච්චාවනිකුලම්) සදහා අක්කර 650 ක් ලබා දී ඇති අතර එම සීමාව ඉක්මවමින් මේ වනවිට අක්කර 2500 කට අධික ප්‍රමානයක් වන සංහාරයට ගොදුරු කරගන ඇත.

මේ පිලිබදව, වන විනාශයේ නියැලෙන පුද්ගලයන්ගෙන් අප විමසූ විට මෙය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් බවත් අවශ්‍ය දෙයක් ඔහුගෙන් විමසන ලෙසත් සදහන් කර සිටියා.

මෙම ප්‍රදේශයේ GPS කලාපය 152944 / 16296.0 / 153959 ලෙස අප හදුනාගන ඇත. වන විනාශය දැක්වෙන වීඩියෝව පහලින්.

 

Related posts

අසේල සම්පත් අද අධිකරණයට. “මල්ලිට පහර දුන්නා” දියණිය කියයි. “නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක කියයි.

colombotoday

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday