Colombo Today Sports News

ශ්‍රී ලංකාව, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 12 ට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, අයර්ලන්තය කණ්ඩායම ලකුණු 70කින් පරාජය කරමිනි.

තරඟයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.

එහිදී පන්දු 47කට මුහුණ දුන් වනිඳු හසරංග ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් අඩංගු විය.

පැතුම් නිස්සංක ලකුණු ගණන 61ක් රැස් කළේය.

ඔවුන් දෙදෙනා හතර වැනි කඩුල්ල සඳහා ලකුණු 123ක් එක් කළහ.

පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනු‍වෙන් ජෝෂ් ලිට්ල් කඩුලු 4ක් දවාගත් අතර මාර්ක් ඇඩෙයාර් කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 41ක් රැස්කළ අතර කර්ටිස් කැම්පර් ලකුණු 24ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනු‍වෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේය.

Related posts

බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට

colombotoday

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday