Colombo Today Local NewsUncategorized

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (21)දින සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය ගම්මන්පිල පැවසුවේ,

“එකම දේ 108 වතාවක් කිව්වහම ඒක අත්තක් වෙනවා යැයි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්ද පසුගිය මාස 4 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 4ටම මේ අය කිවූ තෙල් හිඟය ඇතිවුණේ නෑ. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇතිවෙනවා නම් මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වනදා මම රටට කිව්වා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා එය පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් වලට බලපාන්නේ නෑ කියලා. නැවත වතාවක් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා,” යනුවෙනි.

Related posts

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

Admin

මල්වානෙ බැසිල් ගෙදර නඩුවට පෙනී ඉන්නවා. – Colombo Telegraph උවිඳුගෙන් නීතිඥ සංගමයේ සභාපතිට ප්‍රහාරයක්

colombotoday