Colombo Today Local News

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් හුංගම කලමැටිය ධීවර වරායට ගෙන්වා තිබිය දී පොලිස් අත්අඩංගුවට ගත් කහ තොගයක් ඊයේ (29)දින රාත්‍රීයේ ගිනි තබා විනාශ කර ඇත.

මෙම කහ තොගය පසු ගිය 27වනදා පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පසුව එම කහ තොගය නිරෝධායනය නීති යටතේ අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී එලෙස ගිනි තබා විනාශ කළ බව පොලීසිය පවසයි.

එහි කහ කිලෝ 21,900ක ප්‍රමාණයක් තිබී ඇත.

Related posts

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

“දුම්පානය කරන්නෝ මෝඩයෝය” – වවුනියාවේ ප්‍රචාරක පෙළපාළියක්

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

යාපනයට ශරියා නීතිය?

Admin

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin