Colombo Today Local News

පාසල් ඇරඹෙන්නේ මෙලෙසයි

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

අද (21)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කළ හැකි තත්ත්වයක් නෑ. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කර තිබෙන පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් දැනට විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ නෑ. මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා. සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සහයක් ගන්නවා. මේ වසරේ නොවැම්බර් 23 වන දා සෙසු ප්‍රදේශවල පාසල් වන 6 – 11 ශ්‍රේණි අපි විවෘත කළා. ඒ පාසල්වල ප්‍රාථමික පන්ති ඒ කියන්නේ 1 – 5 දක්වා 2021 ජනවාරි 11 වන දා විවෘත කිරීම තීරණය කළා. බස්නාහිර පළාත හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ද ජනවාරි 11 විවෘත කෙරේ. “

Related posts

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

ෆොන්සේකාගේ බලාපොරොත්තු සුන් වෙයි.. නීතිය හා සාමය රංජිත් මද්දුමබණ්ඩාරට

colombotoday

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday

මුල්ගල් තියපු තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කරලත් නෑ !

colombotoday