Colombo Today Local News

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකිය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළැඹෙන අයවැය මඟින් විසඳන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

රුපියල් 5,000ක දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ.

එමඟින් ඔහු දක්වා ඇත්තේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කළාප අධ්‍යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවය.

එසේම රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලබාගත හැකි බවත් දන්වා තිබේ.

අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය එළැඹෙන නොවැම්බර් 20 වැනිදා වන විට නිකුත් කිරීමටත් ඉතිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර තිබේ.

Related posts

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

මේක නිවට, බියගුළු, අසමත් ආණ්ඩුවක්.. දැන් ඉතිං හොදටම ඇති.. දෙයියනේ කියල ඉල්ලා අස්වෙයල්ලා

colombotoday

ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම කියයි

colombotoday

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

විශේෂ ඇඳුමකින් රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි

colombotoday