Colombo Today Local News

කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් ගමන් තහනම ඉවතට

මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ වාණිජ ගුවන් ගමන් 22 වැනිදා සිට ආරම්භ කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියා සිටී.

එරට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මම රටවල් සදහා යළි ගුවන් ගමන් ඇරඹෙන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලනය සහ පාකිස්තානයට සිය වාණිජ ගුවන් ගමන් ඇරඹෙනු ඇත.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කුවේට් රාජ්‍ය විසින් පසුගිය දා රටවල් කිහිපයකින් ගුවන් යානා පැමිණ වීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

එම වානිජ ගුවන් ගමන් හරහා කුවේටයට පැමිණෙන එම රටවල සංචාරකයින් කුවේටයේ අනුමත කෙරෝනා මර්දන එන්නත් වන ෆයිසර්-බයෝඑන්ටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා, සීනෝෆාර්ම්, සිනොවාක් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ හා එක් මාත්‍රාවක් ලබා ගත් අයට එරටට අවසර ලැබේ.

Related posts

IMF විවාදය මැයි 4

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

නිදහස් දිනයට සමගාමීව සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday