Colombo Today Local News

අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා ආසාදිතයින් ඉහළයාම ගැන අනියත බියක් ඇති කරගන්න එපා

අලුත් අවුරුදු සමයෙන් පසු මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රජය හා සෞඛ්‍ය අංශ මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙමින් ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එබැවින් මෙම තත්ත්වය වර්ධනයවීමට නොදී වළක්වාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

අලුත් අවුරුද්දට පෙරත් සෞඛ්‍ය අංශ හා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායත් මේ ගැන අනතුරු ඇඟවීම් කර තිබූ බව කී ඇමතිවරයා අවුරුදු සමයේ ඇතැම් ස්ථානවල සෞඛ්‍ය උපදෙස් කඩවූ බව ද සඳහන් කළේය.

මෙරට කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල මනාව පාලනය කරගත් සෞඛ්‍ය අංශයන්ට මෙම තත්ත්වය ද පාලනය කරගැනීමට හැකිවනු ඇතැයි රමේෂ් පතිරණ මහතා කීවේය.

රෝගය වැඩි වශයෙන් පැතිරුණු ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල මිලියනයක් පමණ මේ වන විට එන්නත්කරණයට ලක්කර තිබෙන බවත් පැතිරීයාමේ අවදානම අඩු කර තිබෙන බවද හෙතෙම පැවසීය.

එන්නත් පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය තිබෙන නිසා ඒ ගැන බියවිය යුතු නැතැයි ද ඇමතිවරයා කීවේය.

Related posts

නාරම්මල පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

Admin

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

යුධ සෙන්පතියන් ගස් යවන චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

colombotoday