Colombo Today Local News

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

රජයේ පාසල් වල ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

පාසලට විශේෂ පත්වීමක් ලෙස මෙම පත්වීම ලබාදෙන බවත් අනතුරුව එම ගුරුවරයාට පාසල මාරු කිරීම කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද (20)දින පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.

“පත්වීම දෙනවා පාසලට විශේෂ පත්වීමක් ලෙස. ඒ ගුවරුවරයා පාසලට සේවය කරන්න ඕන. වෙන පළාතකට මාරු වෙන්න බෑ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම පදිංචි ගුරුවරුන්ට අවස්ථාව දෙනවා. වෙන පළාතකට දෙන්නේ නෑ. එතකොට නිවසේ සිටම පාසලට යන්න පුළුවන්.

පළාතේ සිටින ගුරුවරුන්ට එම පළාතේම පාසල් ලබාදෙනවා. ඒ අයට වෙන පළාතක පත්වීම් ලබාදීම වෙනුවට.”

Related posts

බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර

colombotoday

මාධ්‍ය සාකච්ඡා තියා නැති ලෙඩ දාගන්න බෑ – මට වඩා භයානක කතා කියූ දේශපාලකයන් ඉන්නවා – විජයකලා කියයි

colombotoday

සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිණියගෙන් ඉල්ලයි !

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

colombotoday