Colombo Today Local News

නානුඔය රිය අනතුරින් එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුට

නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ඊයේ (20) රාත්‍රි 7.30 ට පමණ සිදු වු මාරක රිය අනතුරින් එකම පවුලේ සාමාජිකයන් හය දෙනෙකු හා තවත් පුද්ගලයෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස් දෙනෙකු හා වෑන් රථයේ රියදුරා සහ ත්‍රී රෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබේ.

හැටන්, දික්ඔය ප්‍රදේශයේ පදිංචි අයේෂා ෆාතිමා (45) මව, අබ්දුල් රහීම් (55) පියා, ඔවුන්ගේ දරුවන් වන රහීම් (පුතා) (14), මරියම් (දියණිය) (13), නබීහා (දියණිය) (08), වෑන් රථයේ රියදුරා ලෙස කටයුතු කරන ලද දික්ඔය ප්‍රදේශයේ පදිංචි නේසරාජ් පිල්ලෙි (25) සහ ත්‍රී රෝද රථයේ රියදුරා ලෙස කටයුතු කරන ලද නානුඔය, ග්ලාස්ගෝ වත්තේ පදිංචිව සිටි ෂන්මුගරාජ් (25) නැමැති අයවලුන් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික බෑවුම් සහිත එම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත් බස් රථය අඩි 50 ක පමණ ප්‍රපාතයකට ගොස් පස් කන්දක ගැටී ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් පසුව නානුඔය රදැල්ල කෙටි මාර්ගය බර වාහන ගමන් කිරීම තාවකාලික නවතා රවුම් මාර්ගයෙන් ධාවනය කිරීමට පොලීසිය අද (21) පියවර ගෙන තිබේ.

මෙම අනතුරින් වෑන් රථය හා ත්‍රීරෝද රථය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පාසල් සිසුන් 41 කු ඇතුළු පුද්ගලන් 52 කු නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කොට තිබේ.

කොළඹ තර්ස්ටන් විදුලේ පාසල් ළමුන් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක පැමිණි බස් රථයක් දැඩි බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය කරවීමේදී තලවකැලේ සිට නුවරඑළිය දෙසට ධාවනය වු වෑන් රථයක හා ත්‍රී රෝද රථයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි නානුඔය පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබු කොළඹ තස්ටන් විදුහලේ පාසල් සිසුන් වැඩිදුර ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය ළමුන් සිටීනම් ඔවුන් කොළමට ගුවන් මගින් රැගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

මේ පිළිබඳව නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

Related posts

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

Admin

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම රිය අනතුරකින් තුවාල ලබා රෝහලට

colombotoday

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin