Colombo Today Sports News

2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අයි.පි.එල් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ.

එහි සභාපති බ්‍රිජේස් පටෙල් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ නිල නිවේදනයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාවෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව ඔහු පවසා ඇත.

තරගය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරග පැවැත්වෙන ආකාරය පිළිබඳ ව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමුවේය.

Related posts

නායකත්වය තිසරට. නම් කරන ලද ශ්‍රී ලංකා T20 කණ්ඩායම

colombotoday

මාලි ගැන විශේෂ තීරණයක් ලබන 21 වනදා

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday