Colombo Today Local News

2011 ලෝක කුසලාන තරගපවා දිම සම්බන්ධව මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දිම සම්බන්ධයෙන් තමන් කල ප්‍රකාශයට අදාල පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද(24) දින පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කල බව හිටපු ක්‍රිඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපෙක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

අද(24) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදි අමාත්‍යවරයා එ බැව් පැවසිය.

පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් අද(24) දින උදැසන නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලය වෙත පැමිණි අදාල පැමිණිල්ල සටහන් කරගෙන ඇත.

මෙම මාධ්‍යය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ තමන් කල පැමිණිල්ල පිටු හයකින් සමන්විත වන බවත්, එම පැමිණිල්ලට අදාල ලියකියවිලි අටක්ද පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත භාර දුන් බවයි.

ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද ඇතුලත් බවත්, මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා වෙත අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් විශේෂ ලිපියක් හරින් ප්‍රනාන්දු මහතා වෙත එවා තිබු බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

එම තරග පවාදිම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ෂණ අංශය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇති නිසා තවදුරටත් එ පිලිබදව කතා නොකරන ලෙසද අමාත්‍යවරයා සියළු මාධ්‍යයවේදින්ගෙන් ඉල්ලා සිටියා.

Related posts

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2ක්

colombotoday

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු

colombotoday

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

colombotoday