Colombo Today Local News

20 විරෝදය හකුලා ගත් බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට වූ සාමූහික නිගමනයකට පැමිණි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (22)දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ලබන වසර ඇතුළත ගෙනඑනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මෙන්ම විධායක මට්ටමේ වෙනත් තනතුරු දරන්නට ඇති අයිතිය අහිමිවන ආකාරයේ වගන්තියක් නිසැක වශයෙන්ම ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව මත පදනම්ව මෙම තීරණයට එළැඹි බව විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

2021 වසරේදී සම්මත කිරීමට බලාපොරොත්තුවන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී එම වගන්තිය ඇතුළත් කෙරෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා, “වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මගින් පාර්ලිමේන්තුවේ කරන පිළිතුරුදීමේ කතාවේදී ඒ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදුකරනවා. ඒ ගැන විශ්වාසය තියලා කරුණා කරලා මේ වෙලාවේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී බෙදීමත් ඇතිකර ගැනීමෙන් වළකින්න කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා පිළිබඳ තියෙන විශ්වාසය මත අපි සාමූහිකව තීරණය කළා කාරක සභා අවස්ථාවේදී එම වගන්තිය සම්බන්ධ ඡන්ද විමසීමේදී නිශ්ක්‍රියව සිටීමට, පෙර ගනු ලැබූ තීරණ අවලංගු කරලා බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න.” යනුවෙන් සඳහන් කළේය.

Related posts

අනුමැතිය අවශ්‍යනම් උතුරු පළාතේ ආරක්ෂක අංශ ඉදිකර ඇති රණවිරු ස්මාරක කඩා බිඳ දාන්න වෙනවා. | සුමන්තිරන්

colombotoday

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡා

Admin

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin