ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
එංගලන්තය සමඟ ලබන 22 වන දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයෙන් පසු තමා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි ඒ මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනයට පවසා ඇත්තේ.
කෙසේ වෙතත්, ඔහු ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති.