Colombo Today Local News

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිගමන අද (15)දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.

එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළේය.

එම කමිටුව, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 9 දෙනෙකුගෙන් සමන්විතය.

එම කමිටුව ඊයේ (14)දින සවස රැස්වී සාකච්ඡා කර තිබේ.

Related posts

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

colombotoday

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin