Colombo Today Local News

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

vat3

වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අග විනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන්නේය.

පාර්ලිමේන්තුවේ සම්මත නොවී මැයි 2 වැනිදා සිට වැට් බද්ද අය කරතියි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කැරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද අය නොකළ යුතු බවයි.

Related posts

සජබ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

colombotoday

කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්

colombotoday

අලි සබ්‍රිටත් දියවන්නාව එපා වෙයි

Admin

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday