කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධි විධාන ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පවතින ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවරය ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි. පසුගියදා බංග්ලාදේශයට එල්ලවූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දකුණු ආසියානු කළාපයේ ගුවන්තොටපුළවල්වල ආරක්ෂාව තරකර තිබෙන අතර, ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තයන් පිළිබදව තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා රජයද ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව ගුවන් තොටුපළේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව මීට දින කිහිපයකට පෙර සිට වැඩි කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.