Colombo Today Local News

ටෝකන් එකට එන්නත දෙන්න හැදු නගරාධිපති සමන්ලාල්ගෙන් ‘දැන් සැපද?’ ඇසූ අයෙක් අත්අඩංගුවට

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට දුරකථන ඇමතුමක් දී ‘දැන් සැපද’ ඇසූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මොරටුමුල්ල පොලිසිය පවසයි.

එම පුද්ගලයා මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ මොරටුවේ එන්නත්කරන වැඩකටයුතුවලට බාධා කලේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නගරාධිපතිවරයා ඇප මත නිදහස ලබා පැමිණි අවස්ථාවේදීය.

අදාළ සිදුවීම පිළිබඳව පොලිසිය වෙත නගරාධිපතිවරයා කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය මීට පෙර බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් යෑමේදී නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති කරගත් බවට තොරතුරු හෙළි වු බවද වාර්තා වේ.

Related posts

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

colombotoday

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

colombotoday

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

colombotoday

තණමල්විල පුද්ගල ඝාතනයක්

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday