Colombo Today Local News

පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනයට අවසර දෙන්න – PHI සංගමය

පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් ඇති බවත් එන්නත් ලබාදීම සඳහා මීළඟ ප්‍රමුඛතාව වියයුත්තේ වැඩකරන ජනතාව බවත් ඔහු පවසයි.

“ලංකාවේ කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවල වාර්තා වෙනවා. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව. එන්නත් ලබාදීම සඳහා අපේ මීළඟ ප්‍රමුඛතාව විය යුත්තේ වැඩකරන ජනතාව. ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් මේ එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබාදීම සිදුකළ යුතුයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නෑ.”

Related posts

ඩොලරය තවත් පහළට

Admin

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

“ලැජ්ජා සහගත පත්වීමක් කරන්න ‘යහපාලන රජයට’ කැතක්, පිළිකුලක් නැතිද?” CAFFE

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday