World

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

ඉන්දියාවේ වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

එරට එන්නත් ලබාදීම පුළුල් කිරීමේ වැඩසටහන යටතේ එම පිරිස සඳහා මැයි මස පළමුවනදා සිට එන්නත්කරණය සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් එන්නත් මාත්‍රා මිලියන 27 ක් පමණක් පවතින බවට ඉන්දීය රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර මහරාෂ්ට්‍ර ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත රැසකටම එන්නත් සැපයීමේ ගැටලු මතුව ඇති බව සඳහන් වේ.

එන්නත් නිෂ්පාදන සමාගම් පවසන්නේ අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් වෙනත් රටවල ඉල්ලුමට සාපේක්ෂව එන්නත් සැපයීමේ තත්ත්වයක් මේ වන විට උද්ගතව පවතින බවය.

ඊයේ (19) දිනය තුළ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් 256,947ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති දෛනික මරණ සංඛ්‍යාව 1,757කි.

Related posts

ඇෆ්ගනිස්ථානය තුල විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය තහනම් කරයි

colombotoday

වායු කපොල්ලකට හසුවූ ගුවන් මගියෙක් මිය යයි

Admin

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

Admin

70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනී

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday