Colombo Today Local NewsWorld

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

unesco isis23

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන විසින් ලෝකය පුරා සිදුකරනු ලබන සංස්කෘතික විනාශය පිටුදැකීම සදහා එක්වන්නැයි යුනොස්කෝ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීක් කර තිබෙනවා. ලෝකය තුළ සිදුවන සංස්කෘතික විනාශය පිටුදැකීම සදහා ලෝක ප්‍රජාව තවමත් බලවත් ප්‍රයත්නයක් නොදරන බවද එම සංවිධානය අවධාරණය කරන්නේ.

විශේෂයෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන විසින් සිරියාවේ සහ මාලි රාජ්‍යයේ සිදුකරන ලෝක උරුම පෞරාණික ස්ථානයන් කඩා බිඳ දැමීමද මූලික කරගනිමින් යුනෙස්කෝ සංවිධානය මෙසේ කියයි.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉරීනා බොකෝවා පවසන්නේ මේ සුවිශේෂී කලාපයන්ගේ සිදුකළ විනාශයන් පිටුදැකීම සඳහා බලධාරීන් යුහුසුළු ප්‍රයත්නයක් නොදැරූ බවයි. මේ ලෝක උරුම ස්ථානයන් බිමට සමතලා කරමින් සංස්කෘතික සෝදාපාලුවක් ඇති කිරීමට මේ අන්තවාදීන් කටයුතු කරන බවද යුනෙස්කෝ ප්‍රධානියා කියයි. මේ ආකාරයෙන් වෙනත් සංස්කෘතීන්ගේ අක්මුල් සිඳලීම මේ අන්තවාදීන්ගේ උපාය මාර්ගයක් බවත් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

2001 වසරේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉස්ලාම් දහමට පටහැනි බව පවසමින් එකී දැවැන්ත නිර්මාණ පුපුරුවා හැරි බවද යුනෙස්කෝ ප්‍රධානියා සිහිපත් කරයි.

එමෙන්ම, මෑතකදී යළි අත්පත් කරගත් සිරියාවේ පැල්මයිරා නගරයේද බොහෝ කොටස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ කුළුගෙඩියට හසුවූ අතර, මාලි රාජ්‍යයේ පැවති මධ්‍යතන යුගයට අයත් ටිම්බුක්ටු ආගමික සිද්ධස්ථාන ජිහාඩ් අන්තවාදීන් විසින් විනාශ කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.මෙලෙස සිදුවන විනාශයන් සම්බන්ධයෙන් සියලු දෙනා ඇස්කන් පියාගෙන නොසිට, ඒ පිළිබඳ වගකීමෙන් යුතුව බැලිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

Related posts

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

Admin

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීමට අතුරු තහනම් නියෝගයක්

colombotoday

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

colombotoday