Colombo Today Local News

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් මහනුවර, මහයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි පුද්ගලයන් තිදෙනකු මියගොස් තිබෙන බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

මෙම මරණ අතරින් දෙකක් අගෝස්තු 15දා පස්වරුවේත් අනෙක් මරණය අගෝස්තු 16 දාත් සිදුව තිබෙන බවයි වාර්තා වී තිබේ.

මෙම මරණ තුනම සිදුව තිබෙන්නේ වැඩිහිටි නිවාසය තුළදීයි.

මෙම මරණ වාර්තා වීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එහි සිටි වැඩිහිටියන් 47 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිව ඇත.

අදාළ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනකු සිටින බවත් ඔවුන්ටද කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩ් වෛරසයට ගොදුරු වූ වැඩිහිටියන් වැඩි පිරිසක් වෙනත් රෝගවලින් පෙළෙන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday

“සාක්ෂි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා..“ – බැදුම්කර වංචාවේ තවත් තොරතුරු රැසක් එළියට

colombotoday

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin