Colombo Today Local News

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක අද (17)දින පස්වරුවේ හටගත් ගින්නකින් එම වන වගා රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වත්තට අයත් යුකෙලේප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්න හටගෙන ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම වන වගා රක්ෂිතයේ සැරිසරන සතුන් දඩයම් කිරීම සදහා ආ කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති.

රජයේ රක්ෂිතවලට සහ තේ වතු ආශ්‍රිත වන වගා රක්ෂිත වලට ගිනි තබන අය පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස හැටන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි ගිනි තැබීම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම එම රක්ෂිත හරහා ගලා බසින ජල උල්පත්ද සිඳී යාමේ අවධානමට ලක් වී ඇත.

Related posts

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…!

colombotoday

ජූනි 13 රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

colombotoday

දිගුකාලීන මිතුරා ඇමති චම්පික ගැන අප්‍රසන්න රහසක් හෙළි කරයි (Video)

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday