Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී මාත් ගුටි කාල තියනවා

mithrepala

මන්ත්‍රීවරයෙකුව සිටියදී තමාද පාර්ලිමේන්තු සභ ගර්භයේදී පහරකෑමකට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරු සම්බන්ධයෙන් ඊයේ හොරණ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

“මම නම් කාටවත් ගහලා නැහැ. මටනම් ගහලා තියෙනවා පාර්ලිමේන්තුවේදි. ඒ කාලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් මට එකවරම පහර දුන්නා. වසර කිහිපයකට පස්සේ මම ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ ඒ මන්ත්‍රීවරයා මගේ අමාත්‍යාංශයට ආවා මාව හොයාගෙන ඔහුගෙ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන්. පසුගිය ජනාධිපතිවරණයේදිත් මට ඒ ගහපු මන්ත්‍රීවරයා මාව ජනාධිපතිවරයෙක් කරන්න මහන්සි වෙලා වැඩ කළා.” යනුවෙන්ද සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීමට සියලු මන්ත‍්‍රීවරුන් ක‍්‍රියා කළ යුතු බවද ජනපතිවරයා එහිදී පැවසීය.

 

Related posts

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

මුස්ලිම් ආක්‍රමණිකයාට විරුද්ධව ලෝක බෞද්ධ සහයෝගිතාවකට මුල පිරෙයි – Photos

colombotoday

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday

දියනෑමට ගිය පාසල් සිසුවෙක් රළ අතරේ සැඟවෙයි

Admin

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday