Colombo Today Local News

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු වන ගරාජ්බාස්වරයෙක්.

ලොරි රථයේ බැටිරි ඇසිඩි මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු සමග මෙම ගරාජයට පැමිණ ඇති අතර මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් තිබේ.

පසුව බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ්බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇති අතර නිතිවිරෝධි මත්පැන් හා බැටිරි ඇසිඩ් සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් තිබේ.

කෙසේ වුවද වැරදිමකින් මත්පැන් වෙනුවට අදාළ පුද්ගලයා හට බැටිරි ඇසිඩි පෙවි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

Related posts

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

නාමල් විභාගේ ලියපු විදිය ගැන වසන්තගෙන් මහා හෙළිදරව්වක්

Admin

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

colombotoday